FAST NEWS

24×7 Around the Globe

පිටරටින් ආ ලක්‍ෂ 80 මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස් රටවල සිට මෙරටට එවන ලද රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු භාරයට ගැනේ.

කුෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය පාර්සල් 4 ක තිබී සොයාගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය  එංගලන්තය, අමෙරිකාව සහ නෙදර්ලන්තය යන රටවලින් එවා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා පවසයි.

කොළඹ, නාවල, වාද්දුව සහ අහංගම යන ප්‍රදේශවල ලිපිනයන් 4 කට අදාළ මත්ද්‍රව්‍ය, එවා තිබූ අතර එම පාර්සල් තුළ තිබී කුෂ් ග්‍රෑම් 500 ක් සහ කොකේන් ග්‍රෑම් 80 ක් සොයා ගැනුණි.

මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.