FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී ඇල්ලූ සියල්ලන්ට සඳුදාට පෙර නඩු පවරන්නැයි දන්වයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාවාරම් සඳහා නොව පුද්ගලික භාවිතය සඳහා මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටියදී අත්අඩංගුවට පත් සියලු සැකකරුවන්ට එරෙහිව ලබන සඳුදාට පෙර නඩු පවරා අවසන් කරන ලෙස පොලිස් මූලස්ථානය විසින් දැනුම්දී ඇත.    

මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ පොලිස් කොට්ඨාශ 44 ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් –පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ සහභාගීත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවති සාකච්ඡාවකදීයි.

බන්ධනාගාර තදබදය අවම කිරීමට නීතිපතිවරයා විසින් දුන් උපදෙස් අනුව මෙම පියවර ගන්නා ලෙසට එහිදී දැනුම් දී ඇත.