FAST NEWS

24×7 Around the Globe

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය අවශ්‍ය අයට නව දුරකථන අංකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල වලින් සේවා වෙන් කර ගැනීම සඳහා නව දුරකථන අංකයක් හදුන්වා දෙයි.

මේ අනුව 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරාම සේවා වෙන් කර ගැනීමේ පහසුකම් අද (30) සිට ලබා ගත හැක.

පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම කාර්යාලවලින් සේවා ලබා ගැනීම සඳහා කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගත යුතු අතර, සේවාලාභීන් පත්වන අපහසුතා අවම කිරීම සඳහා මෙම නව දුරකථන අංකය හඳුන්වාදෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.