FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් පිළබඳ සී.අයි.ඩීයේ වාර්තාව උසාවියට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ පසුගිය 6 වැනි දින ගෙන ගාල්ල වරාය වෙත ගෙන එන ලද ඇවන්ගාඩ් නැව පිළිබද විමර්ශනයක් සිදු කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ වාර්තාව ඊයේ (26) ගාල්ල ප්‍රධාන ම‍හේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය වෙත භාර දෙනු ලැබීය.

ගාල්ල වරායේ සිට නාවික සැතපුම් දොළහක් ඈත මුහුදේදී ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් එම නැව පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී ටී 56 ගිනිඅවි 549 ක්84 එස් ගිනිඅවි 264 ක් උණ්ඩ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂිත හිස් වැසුම් 25ක් සහ ආරක්ෂිත කබා 25ක්ද සොයා ගෙන තිබිණි.‍මේ අතර එම නැවේ කපිතාන්වරයාගේ නම වෙනස් ලෙස සදහන් කිරීම සහ ආයුධ නැති බව පැවසිම නිසා නැව මෙසේ පරීක්ෂා කොට මේ ගිනිඅවි තොගය සොයා ගෙන තිබිණි.

ඒ අනුව නැව අත්අඩංගුවට ගත් නාවික හමුදාව නැව ගාල්ල වරාය වෙත ගෙන ඒමෙන් පසුව වැඩිදුර පරික්ෂණ සදහා ගාල්ල වරාය පොලිසිය වෙත භාර දෙන ලදී. ගාල්ල වරාය පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් සෝදිසි වරෙන්තුවක්ද ලබා ගෙන වැඩිදුර පරික්ෂණ සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.ඒ අනුව නැව පිළිබද ටවිමර්ශන කටයුතු සිදු කොට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරියට කරුණු වාර්තා කෙළේය. මීට අමතරව ඇවන්ගාඩ් නැව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරිම සදහා විශේෂ ජනාධිපති විමර්ශන ඒකකයේ කණ්ඩායමක් හෙට (28) ගාල්ල වරාය වෙත පැමිණීමට නියමිතව ඇත.