FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොමිසම ඇවන්ගාඩ් නෞකාවට.

ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කිරිමට බරපතල වංචා දුෂණ පිලිබද ජනාධිපති කොමිසම තීරණය කර තිබෙනවා.ඒ අනුව ලබන බදාදා (28) කොමිසමේ නිලධාරින් නෞකාවට ඇතුලු වන බවයි එහි ලේකම් ලැසිල් ද සිල්වා ප‍්‍රකාශ කළේ.

5 දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් පරික්ෂණ කටයුතු සදහා නෞකාවට ඇතුලු වන අතර ඇවන්ගාඩ් නෞකාව මේ වන විට පවතින්නේ පොලිස් දෙපාර්තමේන්තුව යටතේයි.අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.පොලිස්පතිවරයාගෙන් නෞකාවට ඇතුලු වීම සදහා කොමිසම අවසර ඉල්ලූ බව ලේකම්වරයා සදහන් කළා.ඒ සදහා කොමිසමේ නිලධාරීන්ට අවසර හිමිවී තිබෙනවා. නෞකාව තුළ පවතින ගිනි අවි සහ උණ්ඩ පිලිබද සංඛ්‍යාත්මක දත්ත වාර්තාවක් සකස් කිරීමයි මෙහි ප‍්‍රධාන අරමුණවී තිබෙන්නේ.