FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු අඩු කීරීමට අවධානය.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රමාණය අඩු කරන ලෙසට කරනු ලබන ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන සඳහන් කළා. ලේකම්වරයා කියා සිටියේ මාධ්‍ය මගින් ද දැනටමත් මේ පිළිබඳව කරුණු අනාවරණ කර ඇති බවයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රමාණය අඩු කළ යුතු බව ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා ගුරුසේවා සංගමය ද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා. එහි ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ සඳහන් කළේ ලකුණු 160 ක් වන මෙවර ඉහළම කඩඉම් ලකුණු සීමාව ලකුණු 6 කින්වත් අඩුකළ යුතු බවයි. එසේ නොකරන්නේ නම්, ඉදිරියේදී ඊට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යොමුකිරීමට අපේක්ෂා කරන බවයි ඔහු කියා සිටියේ.

ලංකා ගුරු සේවා සංගමයේ මෙම ඉල්ලීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම්.එන්.ජේ. පුෂ්පකුමාරගේ අදහස් දැන ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.