FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය අස්සේ බස්නාහිරින් ගොස් සමාජ ඔස්සේ සටහන් තැබූ අයට වැඩ වරදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගිය දින දෙකේ බස්නාහිර පළාතෙන් පිටව ගොස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තැබූ අය සම්බන්ධයෙන් ද මේ වන විට අන්තර්ජාලය හරහා මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙමෙ අදහස් පල කළේ අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නිරෝධායන ඇඳිරි නීතිය විහිලුවට ගනිමින් ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ කටයුතු කරන අයුරු ද ඊයේ දිනයේද දක්නට ලැබුණි.

“ෆේස්බුක් එකේ ඉන්ස්ටර්ග්‍රැම්වල දාලා තිබුණා අපි වෙලාවට පැන්නා කියලා කට්ටිය. ඒ අය ගැන අන්තර්ජාලය හරහා අපි මෙහෙයුමක් දියත් කරලා තියෙනවා තාක්ෂණික සහය ලබාගෙන. ඔවුන්ගේ ඊමේල් හා ෆේස්බුක් ඇඩ්‍රස් අරගෙන. ඒ අයට එරෙහිවත් අපි ක්‍රියාකරනවා. මේක කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. නමුත් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රියාමාර්ග ගන්න වෙනවා” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.