FAST NEWS

24×7 Around the Globe

PCR කිරීමට බව පවසා නිවැසියන්ට නිදිපෙති දී නිවසක් කොල්ලකයි

(ෆාස්ට් නිව්ස් | මහව) – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි සැකකරුවන් කණ්ඩායමක් PCR පරික්ෂණය සිදුකිරීමේ මුවාවෙන් නිවසක තිබූ රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.     

මහව කැත්තපහුව ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තාවන අතර , ඊයේ පස්වරු 3 .30 ට පමණ මෙම කොල්ලකෑම සිදුව ඇත.

අදාළ නිවසේ තිබූ පවුම් තුනහමාරකට අධික රත්‍රන් තොගයක් මෙලෙස කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.

PCR පරික්ෂණ සිදුකිරීමේදී, පානය කිරීම සදහා කිසිවිටෙකත් ඖෂධ ලබා නොදෙන බව සෞඛ්‍ය අංශ තහුවරු කර ඇති බවත් මෙවැනි වංචනිකයන් පිළිබද දැඩි අවධානයෙන් සිටින ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.