FAST NEWS

24×7 Around the Globe

ගම්පහ නිරෝධායනය වන පවුලකට 10,000 ආහාර මල්ලක්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – නිවාස මට්ටමින් නිරෝධායනය වන ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සදහා රුපියල් 10,000 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුලත් මල්ලක් බැගින් ලබාදීම හෙට  සිට ආරම්භ කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කරයි.

නිරෝධායනය වන එක් පවුලක් වෙනුවෙන් දින 14 කට ප්‍රමාණවත් වියළි ආහාර ද්‍රව්‍ය සහ පළතුරු වර්ග ඇතුලත් මල්ලක් ලබාදීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරෙන බවත්, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි නිරෝධායනයට ලක්ව සිටින පවුල් 6 ,807 ක් සදහා ලබාදීම සිදු කරන බවත් ඒ මහතා පවසා සිටී.

මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 68 ක් වන අතර ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සදහාවන ජාතික කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් පසුව ජනාධිපති සහ අගමැති වරයාගේ උපදෙස් පරිදි  මෙලෙස ආහාර මල්ලක් බැගින් ලබාදීමට තීරණය කොට තිබේ.