FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ වායු දුෂණයේ බලපෑම ලංකාවටත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට වායු දූෂණ මට්ටමද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි.

විශේෂයෙන් කොළඹ, මහනුවර, පුත්තලම, වවුනියාව, යාපනය ඇතුළු ප්‍රදේශවල වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම පසුගිය 27 වැනිදා සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර මේ පිළිබඳව අධ්‍යයනය කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ ඉන්දීය අර්ධද්වීපයේ ඉහළ අහසේ වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුළු වීම බවයි.

මෙරට අවට තියෙන වායු ගෝලයේ සුළං රටාව වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වීමත් සමඟ ලංකාව තුළටත් මේක ගමන් කරලා තිබේ.

ඒ නිසා විශේෂයෙන්ම ලංකාවේ මධ්‍යම, උතුරු පළාත්වල වගේ සෑම ප්‍රදේශයකම යම්කිසි වැඩිවීමක් පෙන්නුම් කර ඇත.
මේ හේතුවෙන් සාමාන්‍යයෙන් සංවේදී පුද්ගලයින්ට යම්කිසි ස්වසන ආබාධ ඉහළයෑමේ හැකියාවක් පවතින බව සොයා ගෙන තිබේ.