FAST NEWS

24×7 Around the Globe

විශාල පිරිසක් බස්නාහිරෙන් පිටව ගොස් නැහැ – පොලිසිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ පදිංචිකරුවන් විශාල පිරිසක් පළාතෙන් පිටව ගොස් ඇතැයි කියන ප්‍රකාශ අසත්‍ය බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි

ඊයේ දිනයේ සිට බස්නාහිර පළාතෙන් පිටව යන සෑම ස්ථානයකම පොලිස් නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකර ඇත.

කෙසේ වෙතත් එම නීතියට අවනත නොවී මේ වනවිටත් බස්නාහිර පළාතෙන් පිටව ගොස් සිටින පිරිස් සිටී නම් එම පුද්ගලයන්ට අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථාන හරහා නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසුවේය.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති මෙම කාලසීමාවේ පිරිස් එක්රැස් වී ක්‍රීඩා කිරීමට හෝ කල්ලි කණ්ඩායම් ගැසී සිටීමට කිසිවෙකුටත් අවස්ථාව හිමි නොවන බවද ඔහු සඳහන් කරයි.

ඒ අසම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ඇඳිරිනීතිය කඩ නොකර සිය නිවෙස්වලට වී සිටීමේ අවශ්‍යතාව අවබෝධ කරගැනීම ජනතාව සතු වගකීමක් බවයි.