FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ කොරෝනා සුල මුල හොයන්න ගිය පොලිසියටත් වෛරසය වැළඳෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පසුගියදා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනෙකු පත් කළේය.

දින කිහිපයක සිට ඔවුන් එම ප්‍රදේශයට ගොස් එක් එක් ආසාදිතය සම්බන්ධයෙන් තොරතුරු එක් රැස්කර තිබේ.

පසුව ඔවුන්වද PCR  පරීක්‍ෂණයට යොමු කළ අතර එහිදී එම පරීක්‍ෂණ කණ්ඩායමේ නිලධාරීන් කිහිප දෙනකුම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

ඒ හේතුවෙන් පොලිසියේ වෙනත් ඒකකයකින් විමර්ශන කණ්ඩායමක් පත් කර එම විමර්ශන කටයුතු සිදුකරන ලෙස නීතිපති වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව වාර්තා වේ.