කිසියම් පිරිසක් විසින් කොන්දොස්තරවරයෙකුට පහරදීමට විරෝධය පලකරමින් මාතර සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක කොන්දොස්තරවරයෙකුට අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ තවත් පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් පහරදී ඇත.
පහරදීම හේතුවෙන් තුවාල ලැබූ කොන්දොස්තරවරයා මේ වනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබයි.
මේ අතර මාර්ග අංක 280, හෝමාගම – මහරගම ධාවනය වන පෞද්ගලික බස් රථද වර්ජනයක් ආරම්භ කර ඇතැයි වර්තාවේ.
කිසියම් පිරිසක් විසින් එම මාර්ගයේ ධාවනය වන බස් රථයක සේවකයෙකුට පහරදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.







