FAST NEWS

24×7 Around the Globe

ලංකා ඇග්‍රො ප්‍රොසෙසින් සමාගමට ISO 22000 සම්මානය.

මයිසූර් පරිප්පු පිරිපහදු කිරීමේ සමාගමක් වන ලංකා ඇග්‍රො ප්‍රොසෙසින් සමාගමට ISO 22000 සම්මානය හිමීවී ඇත.

ලංකාවේ පළමු වරට ධාන්‍ය පිරිපහදු සමාගමක් මෙම සම්මනාය ලබා ගත් පළමු අවසථාව මෙය වන අතර මෙම සම්මානය එම සමාගමේ සභාපති මොහොමඩ් බහාර්දීන් මහතා වෙත කර්මාන්ත හා වාණීජ කටයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බද්යුද්දීන් මහතා අතින් පිරිනැමීය.

මෙම සමාගමට SLS 896 ද හමි වී ඇති අතර එය ලබා ගත් පළමු සමාගම ලෙස ද මෙම සමාගම ඉතිහාසයට එක් වෙයි.

කුඩා පරිමාණයෙනක් වසර 1970 දී ආරම්භ කළ මෙම සමාගම පරිප්පු සැකසීමට සිවිට්සර්ලන්තයේ නිෂ්පාදනය කළ ලෝකයේ ඇති විශාලතම යන්ත්‍රය වන එක් පෙළ යන්ත්‍රය මෙරට භාවිතා කරන එකම සමාගම ද වෙයි.

වෙළෙඳපළට සපයන සමස්ත පරිප්පු ප්‍රමාණයෙන් සියයට 75ක් 85ක් අතර සපයන්නේ ද මෙම සමාගම වන අතර පවුල් ඒකකයකින් ඇරඹි කුඩා ව්‍යවසායකයෙක් ලෙස මෙම කර්මාන්තය බහාර්දීන් මහතා ආරම්භ කර ඇත.

ශ්‍රි ලංකාවේ ධාන්‍ය සහ පරිප්පු පරිභෝජනය දැඩි ලෙස ඉහළයමින් පවතින බව පසුගිය දා කොළම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මෙම සම්මාන පිරිනැමීමේ අවස්ථාවට එක් වෙමින් ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය

මාසික වියදම්වලින් සියයට 1.3ක් විවධ ධාන්‍ය වර්ග හා පරිප්පු සඳහා වැය වෙනවා. 2012 දී ශ්‍රී ලංකාව විවිධ ධාන්‍ය හා පරිප්පු සඳහා ඩොලර් මිලියන 69ක් වැය කර ආනයනය කර තිබෙනවා. පරිභෝජනය ඉහළ යාම නිසා 2012 වසරට වඩා 2014 වසරේ දී වැය කළ මුදල සියයට 75න් ඉහළ ගොස් තිබෙනවා. එය ඩොලර් මිලියන 121කි. සමස්ත ආහාරපාන සඳහා යන වියදමින් සියයට 7ක් වෙන් වන්නේ පිරිප්පු සඳහායි. රතු පරිප්පු සඳහා පමණක් මාසිකව ඩොලර් මිලයන 6.3ක් වැය කරනවා. 2008-2013 රතු පරිප්පු පරිභෝජනය වාර්ෂිකව සියයට 20න් පමණ වර්ධනය වී තිබෙනවා. මේ නිසා නව තාක්ෂණයට යොමුවිය යුතුයි. මේ සමාගම සිව්ට්සර්ලන්තයේ නිෂ්පාදිත විශාලතම රතු පරිප්පු සැකසීමේ එක් පෙළ යන්ත්‍රය මෙම සාමගම භාවිතා කරනවා. මෙවැනි තාක්ෂණය භාවිතා කිරීම ආහාරපාන සැකසීමේ ඉතිහාසයේ සන්ධිස්ථානයක්.