දඹුල්ල, ඉනාමලුව ප්‍රදේශයේදී අද අලුයම 2.45ට පමණ පුද්ගලික බස් රථයක් හා ලොරි රථයක් හැපී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි මගින් 35ක් පමණ තුවාල ලබා තිබේ.
ඉන් 25 දෙනෙකු දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇත.
සෙසු පිරිස සුළු තුවාල නිසා ප්‍රතිකාර නොලබා පිටව ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
පොළොන්නරුව, සිරිපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් සිමෙන්ති පටවා කොළඹ දෙසටම ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක පිටුපස හැපී අනතුර සිදුව ඇති බව සිගිරිය පොලිසිය කියයි.
බස් රථයේ රියදුරු පවසා ඇත්තේ ලොරිය විදුලි පහන් නොමැතිව නවතා තිබු බවය.
ලොරියේ රියදුරු පවසා ඇත්තේ තමන් ලොරි රථයේ ටයර් පරික්ෂා කොට රථය ප්‍රධාන මාර්ගයට ගෙන ධාවනය කරමින් සිටියදී පිටුපසින් පැමිණි බස් රථය හැපුණු බවයි.
තුවාල ලැබූ මගින් පවසා ඇත්තේ බොහෝ දෙනා නින්දේ පසුවූ නිසා සිදුවූ දෙයක් නොදන්නා බවයි.







