FAST NEWS

24×7 Around the Globe

කරුණානිධි යළි කට අරියි – මීතුරුකම් අතහරින්න කියයි.

ශ්‍රී ලංකාව මිතුරු රටක් ලෙස සැළකීම ඉන්දීය රජය නතර කළ යුතු බව තමිල්නාඩු ඩී.එම්.කේ පක්ෂ නායක මුතුවේල් කරුණානිධි ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය පි.ටී.අයි පුවත් සේවය අද (23) වාර්තා කළේය.

චෙන්නායි හි පැවති උත්සවයකදී ඔහු පැවසුවේ මෙරට යුද්ධයේදී ඇති වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඉන්දියාව මැදිහත් විය යුතු බවයි. මෙරට යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම පමණක් නොව සමූල ඝාතනයක් සිදුව ඇති බවට ද කරුණානිධි යළි චෝදනා කළා.

කරුණානිධි ප්‍රකාශ කර ඇත්තේ මෙරට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ මැක්ස්වෙල් පරණගම කොමිසමේ නිර්දේශ මගින් යුද්ධය පිළිබඳ චැනල් ෆෝ නාළිකාව විකාශය කළ ‘‘නෝ ෆයර් සෝ න්’’ වීඩියෝ දර්ශන සනාථ වන බවයි.