FAST NEWS

24×7 Around the Globe

විමල් විරවංශ පොලිස් අත්අඩංගුවට.

විදෙස් ගමන් බලපත්‍රයේ දෝෂයක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මන්ත්‍රීවරයා විදේශ ගතවීමට යාමේදී ආගමන විගමන නිලධාරින් රඳවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව ය.

කටුනායක ගුවන් තොටුපොළෙන් විදේශ ගත වීමට පැමිණි අවස්ථාවේ ආගමන විගමක නිලධාරීන් විසින් වීරවංශ මන්ත්‍රීවරයා රඳවා ගනු ලැබූ අතර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවේ වැඩි දුර පරීක්ෂණ සඳහා ය..

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.