FAST NEWS

24×7 Around the Globe

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පසුගිය 10 වනදා කතානායකවරයා වෙත යොමු කළේය.

කැබිනට් අනුමැතිය හිමිවූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සැප්තැම්බර් මස 22 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊට අදාළා විවාදය හෙට (21) සහ අනිද්දා (22) පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39 ක් විවිධ පාර්ශව විසින් ගොනු කරනු කළ අතර ඊට අදාළ පෙත්සම් විභාගය පසුගිය 5 වන දින අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යොමුකිරීමට කටයුතු කළේය.

අදාළ තීන්දුව අද (20) උදෑසන පෙරවරු 10.00 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටද  නියමිතය.