දිනපතා ඇස්ප්රීන් පෙත්තක් පානය කිරීමෙන් පිළිකා නැවත ඇතිවීම වළක්වා ගත හැකිද යන්න සොයා බැලීමට සායන පරීක්ෂණයක් සිදු කිරීමට සූදානම් වෙයි.
ලොව විශාලතම සායන පරීක්ෂණය ලෙස හඳුන්වා ඇති මෙම අත්හදාබැලීම පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත්තේ බ්රිතාන්යයේයි.
මෑත කාලීනව පිළිකා රෝග සඳහා ප්රතිකාර ලබා ගත් සහ ප්රතිකාර ලබන රෝගීන් එකොළොස් දහසක් පරීක්ෂණය වෙනුවෙන් සහභාගී කර ගැනීමට නියමිතය.
වසර පහක කාලයක් පුරා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති මෙම පරීක්ෂණයට පිළිකා රෝගීන් කණ්ඩායම් තුනක් යොදා ගැනේ.
ඉන් එක් කණ්ඩායමකට දිනකට ඇස්ප්රීන් මිලිග්රෑම් 300 බැගින්ද, දෙවන කණ්ඩායමට ඇස්ප්රීන් මිලිග්රෑම් 100 බැගින්ද, අවසන් කණ්ඩායමට ඇස්ප්රීන් වෙනුවට බලපෑමක් රහිත ආදේශකයක්ද ලබා දීමට තීරණය කර තිබේ.








