FAST NEWS

24×7 Around the Globe

පූගොඩ තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිසියේ 2 කගේ වැඩ තහනම්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි  තරුණයෙක් මියයාම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව පූගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.   

ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් සිදුකරන මූලික පරීක්ෂණය යටතේ අදාළ තීරණය ගෙන තිබේ.

අදාළ තරුණයාට පහරදීමේ චෝදනාව මත පෙරේදා දිනයේදී සැකකරුවන් 04 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.