ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ මගින් දිස්ත්‍රික්ක කිහිපයක දහවල් කෑම පැය තුළදි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය.
තැපැල් දෙපාර්තමේන්තුව සදහා සකස් කරන නව බදවා ගැනිමේ පටිපාටිය වහාම ක්‍රියාත්මක කිරිම,උසස්විම් වලට අදාළ සියළු විභාග වහාම පැවැත්විම,සියළු ශ්‍රේණිවල වැටුප් විෂමතාව ඉවත් කිරිම සහ සහනදායි පදනමට යතුරු පැදි ලබා දෙන ලෙස ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගෙන මෙය සිදු කරයි.
ඒ අනුව අනුරාධපුර ප්‍රධාන තැපැල් කර්යාලය ඉදිරිපිටදි ද විරෝධතාවක් සිදු කෙරිණ.







