FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර වල ආරක්ෂාව වැඩි කරන්න සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බන්ධනාගාර ආරක්ෂාව වැඩි කිරීම සඳහා විශේෂ ආරක්ෂක බලඇණියක් යෙදවීමට සුදානම් වෙයි.

ඊට අවශ්‍ය බඳවා ගැනීම් සිදුකිරීම කෙරෙහි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

මෙම බලඇණිය සඳහා විශේෂ හමුදා පුහුණුවක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව ඇත.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගියදා එම අමාත්‍යාංශයේදී පවත් වුණි.

ඒ රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී  අවධානය යොමුව ඇත්තේ සිරකරුවන් අධිකරණය සඳහා ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන්ට එල්ල වන තර්ජන සහ රැඳවියන්ට බාහිර පාර්ශවයන්ගෙන් එල්ල වන තර්ජනයන් සම්බන්ධයෙනි.