FAST NEWS

24×7 Around the Globe

මෙවර උසස් පෙළ සිසුවෙකුටත් කොරෝනා බව හෙළිවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවුලපිටිය ප්‍රදේශයේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින  සිසුවෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

සිදු කළ PCR පරික්ෂණයේ වාර්තාවට අනුව මෙම සිසුවාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

එම සිසුවාගේ පවුලේ සාමාජිකයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට මීට පෙර හඳුනාගෙන තිබුණි.

මේ හේතුවෙන් එම සිසුවා සමග විභාගයට පෙනීසිටි සිසුන් 20 දෙනෙකු කණ්ඩායම් දෙකකට බෙදා විභාගයට පෙනී සිටිමේ අවස්ථාව ලබාදී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ එම සිසුවා මේ වන විට ඉරණවිල රෝහලට යොමු කර ඇති බවත් එහි ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදී ඔහුට විභාගයට පෙනී සිටිමේ අවස්ථාව සලසා දී ඇති බවයි.