FAST NEWS

24×7 Around the Globe

ඉතිරි කසල කන්ටේනර් 242 ත් එංගලන්තයට යැවීමට නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එංගලන්තයෙන් මෙරටට ගෙන්වූ කැළි කසල කන්ටේනර් 263 න් ඉතිරි කන්ටේනර් 242 ද ආපසු එරටට යොමු කරන්නැයි අභියාචනාධිකරණය මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර ඇත.     

එම කන්ටේනර් 242 මෙරටට ගෙන්වූ සමාගම් වලට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසයි අභියාචනාධිකරණය නීතිපති දප්පුල ද ලිවේරා මහතාට නියෝග කර ඇත්තේ.

කන්ටේනර් 21 ක් මීට සති 02 කට පමණ ඉහත දී නැවත මහා බ්‍රිතාන්‍යයට පිටත් කර යවනු ලැබීය.