FAST NEWS

24×7 Around the Globe

තේ දළු නෙළමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් මතට ගසක් වැටී මරුට

(ෆාස්ට් නිව්ස් | රත්නපුර) – බලංගොඩ – පින්නවල – වලව්වත්ත ප්‍රදේශයේ රජයට අයත් තේ වතු යායක දළු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.   

පොලීසිය ප්‍රකාශ කළේ තවත් කාන්තාවක ද ගසට යට වී තුවාල ලබා ඇති බවයි.

වලව්වත්ත තේ වතුයායේ වතු නිවාසවල පදිංචි මෙම කාන්තාවන් තිදෙනා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඉන් අනතුරුව අදාළ කාන්තාවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.