FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් ගණන 5000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ දක්වා හඳුනාගෙන ඇති කෝවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 5,038ක් බවයි.

ඉන් 1,697ක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,328  සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.