FAST NEWS

24×7 Around the Globe

අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කිරීමට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සියලුම අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කරමින් භාණ්ඩාගාර ලේකම් විසින් තනි අයිතිය දරනු ලබන අධිවේගී මාර්ග ආයෝජන සමාගම ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.   

මීට අමතරව , ETI සමාගමේ සිදුව ඇති මුල්‍යමය සහ දේපළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා සම්බන්ධයෙන්, ඒ පිළිබඳ සෙවූ ජනපති කොමිසමේ නිර්දේශ නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අද පෙරවරුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව පැවැත්විය.