FAST NEWS

24×7 Around the Globe

ටීඑම්වීපී පක්ෂයේ මහලේකම් අත්අඩංගුවට.

තමිල් මක්කල් විදුතලෛ පුලිගල් (ටීඑම්වීපී) පක්ෂයේ මහලේකම් හා නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී පූපාලපිල්ලේ ප්‍රිෂාන්තන් (30) කාත්තන්කුඩි පොලිසියෙන් අද (23) අත්අඩංගුවට ගත් බව කියයි.

2008 දී ආරියම්පති පොදු වෙළඳපළේ මිනීමැරුම් දෙකක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අවශ්‍යව සිටි බව පොලිසිය පවසයි.

ටීඑම්වීපී පක්ෂයේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාය. ඔහු හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙක්ද ශ්‍රීලනිපයේ උප සභාපතිද විය. කොටි නායක ප්‍රභාකරන්ගේ නැගෙනහිර නායකයා වූයේද කරුණාය.

කරුණාගේ සමීපතමයකු වන ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නැගෙනහිර හිටපු මහ ඇමැති දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි.