FAST NEWS

24×7 Around the Globe

පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයෙකු රාගම රෝහලේදී මියගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.   

21 හැවිරිදි මෙම තරුණයා මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ තරුණයා මෙලෙස මිය යාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක බවයි.