FAST NEWS

24×7 Around the Globe

කොරෝනා අවදානම නිසා බොරැල්ලේ කඩ වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානම නිසා බොරැල්ල නගරයේ වෙළඳසැල් 6ක් තාවකාලිකව වසා දමා තිබේ.

ඒ කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම වෙළඳසැල් වල විෂබීජහරණය කිරීමෙන් පසුව නැවත එම වෙළඳසැල් යළි ආරම්භ කිරීමට නියමිත බවයි.