FAST NEWS

24×7 Around the Globe

රජයේ සායන රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් අද සිට නිවසටම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් ඔවුන්ගේ නිවෙස් වෙත ලබාදීමේ වැඩපිළිවෙල අද (13) දිනයෙන් ආරම්භ වනු ඇත.  

ඒ අනුව මෙහි පළමු අධියරේදී කොළඹ , ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් යොමු කිරීම සිදුවනු ඇති.

මේ අනුව නිදන්ගත රෝග සහිත වැඩිහිටි ප්‍රජාව අදාළ දිස්ත්‍රික්වල රෝහල් සායනවෙත පැමිණීම අවශ්‍ය නොවන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කළේය.

අදාළ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් තමන්ට අයත් රෝහල වෙත දුරකථන ඇමතුමක් ලබාදී තමාගේ බෙහෙත් වට්ටෝරුව රෝහල වෙත යොමු කිරීමෙන් පසු පැය 48 ක් ඇතුලත එම බෙහෙත් නිවෙස් වෙත ගෙන්වා ගැනීමට හැකියාව පවතින බව ද වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.