FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ ආශ්‍රිතයන් 90% ක් නිරෝධායනයට යොමුකර අවසන්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොවිඩ් ආසාදිතයන්ගේ පවුල්වලින් 90 % ක් පමණ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන ගොස් ඇතැයි යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.  

අනෙක් පිරිසේ පළමු ආශ්‍රිතයන්ද ඉදිරි දින 02 තුළ නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාමට නියමිත බව ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා කියා සිටියේය.

එමෙන්ම , කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් ද කොරෝනා රෝගීන් 39 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඊයේ දිනයේදී ද නව ආසාදිතයින් 22 දෙනෙක් වාර්තා වී තිබේ.