FAST NEWS

24×7 Around the Globe

තවත් වෛද්‍යවරු තිදෙනෙකුට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ (11) දිනයේ දී ආසාදිතයින් ලෙස හඳුනාගැනුණු අය අතරින් තිදෙනෙකු වෛද්‍යවරුන් වන බව කොවිඩ් නයිටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් කෑගල්ල මහ රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන් තිදෙනෙකු බවවාර්තා වේ.

මේ අතර මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් සහ ඒහා සම්බන්ධ 1307 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර තිබේ.

ඉන් 1036ක් ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් වන අතර ඉතිරි 231ක් වැනි පිරිසක් පවුල්වල අය හා ඒ ආශ්‍රිතයින් වේ.