FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකා කොංග්‍රස් කමිටුව පැය 11ක් හිලරීගෙන් ප්‍රශ්න කරති.

ඇමෙරිකා ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන්ගෙන් ඇමෙරිකා කොංග්‍රස් කමිටුව පැය 11ක් ප්‍රශ්නකර තිබෙනවා.

2012 වසරේ ලිබියාවේ බෙංගාසිහිදී ඇමෙරිකානු තානාපති ඇතුළු 4 දෙනෙකුට එල්ල වූ මාරාන්තික අයි.එස් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙනුයි මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත්තේ.

ඇය රාජ්‍ය ලේකම්වරිය ලෙස සිටි අවධියේ ලිබියාව තුළ ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයින් සුරක්ෂිත කිරීමේ වගකීම නියමාකාරයෙන් සිදුව නොමැති බවට රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් චෝදනා එල්ල කළා.

එම චෝදනා සම්බන්ධයෙනුයි මෙම විභාගය පැවැත්වුණේ.මෙහිදී ඇය ප්‍රකාශ කළේ බෙංගාසි සිද්ධියේ වගකීම තමන් භාරගන්නා බවත් ප්‍රහාරයෙන් පසු තානාපති කාර්ය මණ්ඩලය සුරක්ෂිත කිරීමේ ප්‍රතිසංස්කරණයන් ඇති කළ බවත්ය.