FAST NEWS

24×7 Around the Globe

පොලිස් ඉතිහාසය වෙනස් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් කාන්තා අංශයේ ඉතිහාසය වෙනස් කරමින් පොලිස් නිලධාරිනියක නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ.

කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජේෂ්ඨතාවයෙන් ඉහලින් සිටින බිම්ෂානි ජාසිංහආරච්චි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට ඊයේ(09) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරිය පොලිස් සුබ සාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කොට ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.