FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ පොකුර තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) –   කොවිඩ් -19 ආසාදිතයින් ලෙස තවත් 16 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් වේ.

11 දෙනෙකු ඔවුන්ගේ සමීපතමයින් බව යුද හමුදාපතිවරයා පැවසීය.

අනෙක් තිදෙනාද මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බවට සැක කරන බව යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.