FAST NEWS

24×7 Around the Globe

විභාග සඳහා පෙනී සිටින සිසුන්ට විභාග පොලිසියෙන් දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පහ ශ්‍රේණිය ශිෂත්වය සහ අ.පො.ස උසස් පෙළ සිසුන්ට විභාග ප්‍රවේශපත්‍රය ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කිරීමට අවසර ලබා දෙන බව පොලිසිය පවසයි.

මේ අතර මෙම විභාග සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු මේ වන විටත් සුදානම් කර තිබේ.

ඒ කොවිඩ් -19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙසයි.