FAST NEWS

24×7 Around the Globe

මොරවක කාන්තා ඝාතනයක්.

නිවසකට හොර රහසේ ඇතුළුවී ගෙහිමි කාන්තාවට පිහියෙන් ඇන මරා දැමූ සැකකරුවෙකු කොටු කර ගැනීම සදහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මොරවක පෝරුපිටිය පැලවත්ත ප්‍රෙද්ශයේ නිවසකට ඇතුළු වූ මෙම පුද්ගලයා එහි භාණ්ඩ සොරකම් කිරීමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේ ගෙහිමි කාන්තාව නිවසට පැමිණ ඇති අතර සැකකරු කාන්තාව ඝාතනය කර පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ යසවතී නමැති 49 හැවිරිදි කාන්තාවකි.

පශ්චාත් මරණ පරික්ෂණය මොරවක ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර සැකකැරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි මොරවක පොලිසය ප්‍රකාශ කළේ.