FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ පොලිසිය අද පස්වරුවේ යළිත් විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මිනුවන්ගොඩ පොලිසිය අද (09) පස්වරුවේ නැවත විවෘත කිරීමට අපේක්ෂා කරන බව ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.  

එම පොලිස් ස්ථානයේ ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරු වීමත් සමගයි මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වසා දැමීමට පියවර ගත්හ.

පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරින් 85 දෙනෙකුගේ සිදුකල PCR පරීක්ෂණ වලින් ඔවුන් කිසිවෙකුටත් වෛරසය ආසාධනය වී නොමැති බව තහවුරු වී ඇත.