FAST NEWS

24×7 Around the Globe

A/L සහ ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස මෙවර පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත.   

ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලුම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතුය.