FAST NEWS

24×7 Around the Globe

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10 ක් වියැති බිළිඳෙකුටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක් වියැති බිළිඳෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.   

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසුවේ බිළිඳාට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ රාත්‍රියේ අනාවරණ කරගත් බවත් , ඔහු මේ වනවිට අයි ඩී එච් රෝහල වෙත මාරු කර යවා ඇති බවත්ය.

මෙලෙස කොවිඞ් වැළඳී ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි බිළිඳෙකුටයි.

බිළිඳාගේ මව සහ පියා PCR පරීක්ෂණ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.