FAST NEWS

24×7 Around the Globe

වාහන හිමියන්ට විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 නිසා රට තුළ දැනට උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද ‍(07) සිට තාවකාලිකව අත්හිටුවයි.

එම තීරණය අද(07) දින සිට ලබන 16 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම කාලය තුළ ඉකුත් වන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී 2020.11.15 දින දක්වා දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග මහත්මිය දැනුම් දෙයි.