FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම මධ්‍යම සහ වයඹ පළාත්වල සිහින් වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලෙය්දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.