හිටපු රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට රහස් පොලිසිය ඊයේ (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත දැනුම් දුන්නේය.
තාජුඩීන් ඝාතනයට සම්බන්ධ මූලික තොරතුරු ඇතුළත් දුරකථන අංක 18 ක් ඇති බවත්, එම තොරතුරු දත්ත ලබාදීම අදාළ සමාගම විසින් පමාකිරීම විමර්ශන කඩිනම් කිරීමට බාධාවක් බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
අදාළ දුරකථන සමාගම දත්ත සුළු ප්‍රමාණයක් දී ඇති බව පැවසූ රහස් පොලිසිය විමර්ශන සඳහා එය ප්‍රමාණවත් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් දුරකථන සමාගමේ උසස් නිලධාරීන් පවා හමුවී සාකච්ඡා කළ බවත් පැවසීය. පැමිණිල්ල ඉයේ (22) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය පවසා සිටියේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා විසින් රහස් පොලිසිය වෙත ලබා දී ඇති බවය. තාජුඩීන් අනතුරට පත්වූ වාහනය පරීක්ෂණය සඳහා මහේස්ත්‍රාත්වරයා පත් කළ සිවු පුද්ගල වාර්තාව ද ලැබී ඇති බව පැවසූ රහස් පොලිසිය, ජංගම දුරකථනය සම්බන්ධයෙන් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ මූලික තොරතුරු ඇතුළත් දුරකථන අංක 18 ක් ඇති බවත්, එම තොරතුරු දත්ත ලබාදීම අදාළ සමාගම විසින් පමාකිරීම විමර්ශන කඩිනම් කිරීමට බාධාවක් බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
අදාළ දුරකථන සමාගම දත්ත සුළු ප්‍රමාණයක් දී ඇති බව පැවසූ රහස් පොලිසිය විමර්ශන සඳහා එය ප්‍රමාණවත් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් දුරකථන සමාගමේ උසස් නිලධාරීන් පවා හමුවී සාකච්ඡා කළ බවත් පැවසීය. පැමිණිල්ල ඉයේ (22) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය පවසා සිටියේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා විසින් රහස් පොලිසිය වෙත ලබා දී ඇති බවය. තාජුඩීන් අනතුරට පත්වූ වාහනය පරීක්ෂණය සඳහා මහේස්ත්‍රාත්වරයා පත් කළ සිවු පුද්ගල වාර්තාව ද ලැබී ඇති බව පැවසූ රහස් පොලිසිය, ජංගම දුරකථනය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ අත්තනායක මහතා සකස් කළ විශ්ලේෂණ වාර්තාව ද ලැබී ඇති බව පැවසීය.
තාජුඩීන්ගේ මෘත දේහය දෙවන වරට ගොඩගත් අවස්ථාෙව්දී මෘත දේහය ඔහුගේ ද යන්න පරීක්ෂා කිරීමට ඔහුගේ මවගේ රුධිරය සාම්පලයක් ගෙන ඩී. එන්. ඒ. පරීක්ෂණයට ජින්ටෙක් ආයතනය වෙත ලබා දී ඇති බව පැවසූ රහස් පොලිසිය ඒ සම්බන්ධ වාර්තා මෙතෙක් නොලැබුණු බවත්, ඉදිරියේදී එකී වාර්තා ලැබීමට නියමිත බව පැවසීය.
තවද වාහන පිටුපස අංක තහඩුවේ විශ්ලේෂණ වාර්තා ද ලැබී ඇති බවත්, ඝාතනය සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ පුද්ගලයින් 31 දෙනෙකු රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබාගෙන ඉදිරි විමර්ශන පවත්වන බවත් පැවසීය.
දුරකථන අංක 18 සම්බන්ධ මූලික තොරතුරු විමර්ශනය ප්‍රාණවත්ව සිදුකිරීමට අවශ්‍ය කරන බව පැවසූ රහස් පොලිසිය එම මූලික තොරතුරු අදාළ සමාගම විසින් පොලිසියට ලබාදීම අතපසු කර ඇති බව පැවසීය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සමාගම වෙත පවසා සිටියේ සිය උපරිම සහාය මෙම විමර්ශනය වෙත ලබාදෙන ලෙසය.







