FAST NEWS

24×7 Around the Globe

කොරෝනා අවධානම නිසා දුරගමන් බස් රථ සේවකයින් මේ ගැන අවධානය යොමු කරන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ වල බස් රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හෝ මගීන් ගැනීම සිදුනොකළ යුතු බව පොලීසිය පවසයි.

ඒ අනුව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථ ගමන් කිරීමේදී මගීන් බැස්සවීම හෝ මගීන් ගැනීම නොකළ යුතුය.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ අදාළ පොලිස් බලප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථවලට ගමන් කිරීමේ හැකියාව පවතින බවයි.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බලප්‍රදේශවල කර්මාන්තශාලාවල සේවකයින් දැනටමත් නවාතැන්ගෙන සිටින ස්ථානවලම රැදී සිටිය යුතු බව පොලීසිය පවසයි.

එසේම, එම කර්මාන්තශාලාවල කළමනාකාරිත්වය එම සේවකයින් ඔවුන්ගේ ගම් ප්‍රදේශ වෙත පිටත් කර හැරීමෙන් වැළකිය යුතු බව ද පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කරයි.