FAST NEWS

24×7 Around the Globe

පන්නලින් කොරෝනා රෝගියෙකු හදුනා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවුලපිටිය ඇඟලුම් කම්හලේ සේවය කරන පන්නල වැටකෙයාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු කෙරේ.

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසන්නේ වෛරසය ආසාදනය වූ පුද්ගලයා මේ වනවිට මීගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සිව්දෙනෙකු නිවස තුළම ස්වයං නිරෝධානය කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීනී වෛද්‍ය සමා හේරත් මහත්මිය පැවසීය.

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයට අයත් ඉහළ මාකඳුර, පහළ මාකඳුර, මැල්ලවලාන , පල්ලේගම , බෝපටිය, නාරංගොමුව , වැටකෙයාව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 10 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකර තිබේ.

ඉන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවත් සෙසු පිරිසගේ PCR වාර්තා ලැබීමට නියමිතය.