FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ගැන අසත්‍ය තොරතුරු පළ කළ අයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගෙන ඇත.  

කළුබෝවිල රෝහල විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මෙලෙස අසත්‍ය තොරතුරු පළ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.