FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ සේවක සේවිකාවන් 1280 කගේ සාම්පල පරීක්ෂණාගාර වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිනුවන්ගොඩ, යකහටුව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 1280 දෙනෙකුගේ ජෛව සාම්පල් අද(05) දිනයේ ලබා ගත් බව මිනුවන්ගොඩ සෞඛ්‍ය අධිකාරී කාර්යාලය පවසයි.

මෙලෙස ජෛව සාම්පල් ලබා ගත් නියැදි 840ක් IDH රෝහලටද, 330 ක් බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට ද, තවත් නියැදි 110ක් මහරගම අපේක්ෂා රෝහලට යැවීමට කටයුතු යොදා ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය අධිකාරී කාර්යාලය සඳහන් කළේය.

අද දිනයේදී හඳුනා ගනු ලැබූ කොවිඩ් රෝගීන් 80 දෙනා ගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීම සහ ඔවුන්ව PCR පරීක්ෂණ සිදුකිරිම සහ නිරෝධායනයට යොමු කිරිමේ ක්‍රියාවලිය සිදුකළ යුතු අතර මෙම රෝගයේ ව්‍යාප්තිය සිදුවීමේ හැකියාව සම්බන්ධයෙන් පුරෝකථනයක් සිදුකිරිම කළ හැක්කේ ඉන් පසුව බව සෞඛ්‍ය අංශය පවසයි.