FAST NEWS

24×7 Around the Globe

අංගොඩ ලොක්කා මිය ගිය බව රජය තහවුරු කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේදී මිය ගිය බව වාර්තා වූ අපරාධ කල්ලි නායක ලසන්ත චමින්ද පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා සත්‍ය වශයෙන්ම මිය ගොස් ඇති බව රජය තහවුරු කරයි.

එය ඉන්දීය බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අද(05) පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.