FAST NEWS

24×7 Around the Globe

ඇඳිරිනීතිය ගැන රජයෙන් නිවේදනයක්[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට(06) දිනයේ දිවයින පුරා ඇදිරිනීතිය පනවා ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරණසිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙයි.